විදෙස් රැකියා 30,000ක්

ඊශ්‍රායලයේ රැකියා අවස්ථාවන් 30,000කට තරුණ තරුණියන් විදෙස්ගත කිරීම මේ දිනයන්හි සිදු කරන බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පවසනවා.

තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,

” කෘෂිකාර්මික හා ඉදි කිරීම් අංශයේ රැකියා අවස්ථාවන් සඳහා ඊශ්‍රායලයෙන් පුරප්පාඩු ලැබෙන ආකාරයට විදෙස්ගත කිරීම සිදු කරනවා. ඊශ්‍රායලයෙන් ඇණවුම් ලැබෙන ආකාරයට මේ යැවීම් සිදු කරන අතර, ඒ සඳහා ටික කාලයක් ගත වෙනවා.

ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතර ඇති ද්විපාර්ශ්වික ගිවිසුමට අනුව එහි ප්‍රොටෝකෝල් ‘ඒ’ ක්‍රියාත්මක වූ බවත් ඒ අනුව සාත්තු සේවිකාවන් යැවීමට තීරණය කළ අතර, 2022 මැයි මාසයෙන් පසුව 2000කට වැඩි සාත්තු සේවිකාවන් සංඛ්‍යාවක් යැවීමට හැකි වුණා”

Exit mobile version