අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද

අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද (9) පාර්ලිමේන්තුවේ දී ගැනීමට නියමිතය.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකොරළ මහත්මිය ඊයේ (8) රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී සඳහන් කළේ අද මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බවයි.

එම සංශෝධිත පනත අනුව විශේෂ අධිකරණ පද්ධතියක් පිහිටුවීමට යෝජනා කර තිබෙන අතර එහිදී පළමු පියවර ලෙස එක් විශේෂ අධිකරණයක් පිහිටු වන බව ද අමාත්‍යවරිය පෙන්වා දෙයි.

Exit mobile version