සිංගප්පූරු ගුවන් යානයක් හදිසි අනතුරකට ලක්වෙයි – එක් අයෙක් මරුට (VIDEO)

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් හදිසි අනතුරකට ලක්ව තිබෙනවා.

සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

මෙම අනතුරින් 73 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉහළ අහසේ පියාසර කරමින් තිබියදී ගුවන් යානය එකවර 10Km පමණ පහළට ඇදහැලුණු බවයි වාර්තා වන්නේ.

අනතුරුව යානය තායිලන්තයේ බැංකොක් ස්වර්ණභූමි ගුවන් තොටුපලට හදිසියේ ගොඩබස්වා ඇති බවද විදෙස් මධ්‍යයේ සඳහන්.

මෙම තත්ත්වය ඇතිවන අවස්ථාවේ එම යානයේ මගීන් 211 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 18 දෙනෙකු සිට තිබෙනවා.

ගුවන් යානය තුළ ඇතිවූ මෙම කැලඹිලිසහගත තත්ත්වය හේතුවෙන් තවත් ගුවන් මගීන් 71 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් ගුවන් මගීන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version