පෝලන්තයේ අධිවේගී මාර්ගයක ගමන් කළ ද්‍රව චොකලට් බවුසරයක් පෙරළී යාමෙන් සිදු වූ අනතුරකින් ටොන් 12 කට අධික ද්‍රව චොකලට් අධිවේගී මාර්ගය පුරා ගලා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කඩිනමින් ක්‍රියාත්මක වූ පෝලන්ත පොලීසිය මාර්ගය තාවකාලිකව වසා දමා මාර්ගය යථා තත්වයට පත් කර ඇති බවට වාර්තා වෙයි.
යථාතත්වයට පත් කිරීමේ කණ්ඩායම් වලට වාතයට නිරාවර්ණය වූ ද්‍රව චොකලට් ඉවත් කිරීමට ඉතා අපහසු වූයේ උකු චොකලට් තවත් ඝණ වී තිබීම නිසා බව සදහන් ය.
මෙම අනතුරෙන් අදාළ චොකලට් බවුසරයේ රියදුරුගේ අතක් බිදී ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව දැක්වේ.