ත්‍රීරෝද රථ, බස් රථ ගාස්තු ඉහළට

රජය ඊයේ (10) මධ්‍යම රාත්‍රීයේ ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන්ත්‍රී රෝද රථ ගාස්තු මෙන්ම බස් රථ ගාස්තු ද ඉහළ නංවා අැති බවයි වාර්තා වන්නේ

ඒ අනුව පළමු කිලෝමීටරයට රුපියල් 50 ක්ව පැවති ත්‍රී රෝද රථ ගාස්තුව රුපියල් 60 ක් වනු ඇති බව ත්‍රී රෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි.

ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව බස් රථ ගාස්තු ඉහළ නංවන බව ද ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

Exit mobile version