භූමිතෙල් සහනාධාරය පෙර පරිදිම ක්‍රියාත්මකයි – දිලිප් වෙදආරච්චි මහතා

ධිවර ජනතාවට ලබාදෙන භූමිතෙල් සහනාධාරය එලෙසෙම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය.

ධිවර සහ සමෘද්ධි සහනාධාර හිමි ජනතාවට ලබාදෙන සහනාධාරය අඛණ්ඩව ලබාදෙද්දී ජනතාව මුලාකිරීමේ කුඨ වැඩපිළිවෙලක් රටතුළ ක්‍රියාත්මක වන බවත්, ඒ නිසා එවැනි උපක්‍රම වලට හසු නොවී බුද්ධිමත්ව කටයුතු කරන ලෙස සමස්ථ ධිවර ප්‍රජාවගෙන්ම ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

භූමිතෙල් අව භාවිතය වැලැක්වීම සඳහා මෙලෙස තෙල් මිල ඉහල දැමීමට තීරණය කර ඇත.

බොහෝ බස් සහ ලොරි වැනි බර වාහන ඩිසල් වෙනුවට භූමිතෙල් භාවිතා කරන බවටත් එමගින් පරිසරයට විශාල හානියක් වන බවටත් රජයට පැමිණිලි රැසක් ලැබී තිබු බවත්, එය පාලනය කිරීම උදෙසා මෙලෙස භූමිතෙල් මිල රුපියල් 57 ක් වැනි මුදලකින් ඉහළ දැමා අැති බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

Exit mobile version