නවදිල්ලි නුවරට දූවිලි කුණාටුවක් – 40ක් මරුට

නවදිල්ලි නුවරට ඊයේ (13) දූවිලි කුණාටුවක් කඩා වැදුණු අතර දූවිලි කුණාටුවෙන් පසු ධාරාණීපාත වර්ෂාවක් ඇද හැලුණු බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

මේ හේතුවෙන් පුද්ගල මරණ 40ක් වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ‍.

දූවිලි කුණාටුව සහ ධාරාණිපාත වර්ෂාව නිසා ගුවන් යානා 70ක් පමණ හරවා යෑමට සිදු වූ බව ද වාර්තා වේ.

නවදිල්ලියේ ‘ඉන්දිරා ගාන්ධි’ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කටයුතු පැය කිහිපයකට නවතා දැමීමට ද සිදුව තිබුණි.

ඉන්දීය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, ඉදිරි පැය 48 ත් 72 ත් අතර කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වන විට ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි‍.

Exit mobile version