මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරට ඇමෙරිකානු ඩොලර් බිලියන 01ක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර සඳහා ඇමරිකන් ඩොලර් බිලියන 1ක මුදලක් ලබාදීමට මෙරට චීන තානාපතිවරයා ඊයේ (14) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමෙන් පසු පොරොන්දුවී ඇත.

චීන එක්සිම් බැංකුව මඟින් මෙම ණයමුදල ලබාදීමට නිර්දේශ කර ඇති බව චීන තානාපති වරයා දැනුම් දී ඇත. හම්බන්තොට හා කොළඹ වරාය ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී අගමැතිවරයා හා චීන තානාපතිවරයා වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.

හම්බන්තොට වරාය සඳහා ආයෝජකයින් ගෙන්වා ගැනීමට දිරිගන්වන බව චීන තානාපතිවරයා ප්‍රකාශ කර තිබේ. කොළඹ හා හම්බන්තොට වරාය ව්‍යාපෘති දෙක සාර්ථකව ඉදිරියට යාමේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ එංජිම බවට එය පත්වනු ඇතැයිද චීන තානාපතිවරයා කීය.

චීන ආධාර යටතේ සිදුකරන ජල ව්‍යාපෘති පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

හම්බන්තොට වරායට ලැබෙන තුන්වන අදියරේ මුදල් ජුනි 09 වැනිදා ලැබෙන බවද චීන තානාපතිවරයා පැවසීය.

Exit mobile version