පෞද්ගලික බස් ගාස්තු ඉහළ දැමීම පිළිබඳ කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

පෞද්ගලික බස් ගාස්තු ඉහළ දැමීම පිළිබඳ කැබිනට් පත්‍රිකාව අද (15) කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට නියමිතය.

පෞද්ගලික බස් සංගම්වලින් ලද ඉල්ලීම් සලකා බලමින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට තීරණය වූ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව එම කැබිනට් පත්‍රිකාව අද ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇත.

Exit mobile version