සිංගප්පූරුවේ සිට රැගෙන ආ දුම්වැටි තොගයක් අද (15) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත බව වාර්තා වේ.
අත්අඩංගුවට පත් පුද්ගලයා කොළඹ, බොරලැස්ගමුව ප්රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු අද දින අලුයම 5.50 ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ E.K – 349 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර, එදින උදෑසන 6.30 ට පමණ රේගු නිලධාරීන් විසින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ දුම්වැටි 15,400 ක් අඩංගු, දුම්වැටි කාටූන් 77 ක් සඟවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබුණි.
ඒවායේ වටිනාකම රුපියල් 7,70,000 ක් බව රේගුව සඳහන් කරයි.
මෙම දුම්වැටි තොගය රාජසන්තක කර, නීතිවිරෝධී ලෙස රැගෙන ආ පුද්ගලයාට රුපියල් 75,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.