ගල් ඉබ්බන් සිව් දෙනෙකු සමග සැකකරුවෙකු අත්අඩංගුවට

ගල් ඉබ්බන් සිව් දෙනෙකු සඟවාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අද (16) ආණමඩුව පොලිස් නිලධාරීන්ට හැකි විය.

ආණමඩුව මුදලක්කුලිය ප්‍රදේශයේ නිවසක පැවැති සාදයකට මස් පිණිස මෙම ඉබ්බන් රැගෙන විත් තිබේ.

මුදලක්කුලිය ප්‍රදේශයේ නිවසක ළිදකට දමා මෙම ඉබ්බන් සඟවා තිබු බවයි සඳහන් වන්නේ.

Exit mobile version