Home දේශීය පුවත් දේශපාලන පලිගැනීම් වහා විසදන්න විශේෂ නියෝගයක්

දේශපාලන පලිගැනීම් වහා විසදන්න විශේෂ නියෝගයක්

0
දේශපාලන පලිගැනීම් වහා විසදන්න විශේෂ නියෝගයක්

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසුවේ, මෙතෙක් විසඳුම් ලැබී නොමැති දේශපාලන පලිගැනීමට ලක් වුවන් සඳහා වහා විසඳුම් ලබා දීමට ප්‍රධාන අමාත්‍යංශවල ලේකම්වරුන් වෙත විශේෂ නියෝගයක් නිකුත් කළ බවයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, අග්‍රාමාත්‍යතුමන්, ආර්ථික කටයුතු සහ සම්බන්ධ අමාත්‍යවරුන් සහ ප්‍රධාන අමාත්‍යංශ ලේකම්වරුන් අතර පැවතී රජයේ ඉහළ පෙළේ සාකච්ඡාවකදී මෙම නියෝගය ලබා දුන් බවය.

ඉතා කෙටි කාල සීමාවක් තුළ දේශපාලන පලිගැනීම්වලට ලක්ව විසඳුම් ලැබී නොමැති පිරිස් පිළිබඳ දැඩි අවධානයක් යොමු කර ඒ ඒ අමාත්‍යංශවල ලේකම්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ මෙම විසඳුම් ක්‍රියාත්මක වියයුතු බවට මෙම සාකච්ඡාවේදී නියෝග කළ බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම මෙම වැඩපිළිවෙල පිළිබඳ නිරන්තර අධීක්ෂණයක් සහ ප්‍රගති සමාලෝචනයක් කිරීමටද මෙහිදී සාකච්ඡා වූ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version