පිටත්වීමට පැය තුනකට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන්න

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සියලු ගුවන් මගීන්ට පිටත්වීමේ වෙලාවට පැය තුනකට පෙර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.

අද (17දා) දහවල් 12.00 සිට නැවත දැනුම්දෙන තුරු මෙය ක්‍රියාත්මක වන බවද ගුවන් සාමගම පවසයි.

ශ්‍රි ලංකා ගුවන් සමාගම වැඩිදුරටත් පවසා සිටියේ, ආගමන විගමන නිලධාරීන් අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් මගීන්ට ඇතිවිය හැකි අපහසුතා වැළැක්වීමට මෙම ඉල්ලීම කරන බවයි.

Exit mobile version