මහනුවර දිස්ත්‍රික්කයේ ඉදි කරන ලද නිල සෙවණ කාර්යාල පහක් ජනතා අයිතියට

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ඉදි කරන ලද නිල සෙවණ කාර්යාල පහක් ජනතා අයිතියට පවරන ලදී.

මෙම එක් නිල සෙවණ කාර්යලයක් සදහා රජය මගින් ලක්ෂ 19 කට ආසන්න මුදලක් වෙන් කොට ඇත.

ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, සංවර්ධන නිලධාරී, සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර යන නිලධාරීන් සිව් දෙනාම එකම කාර්යාලයකදී ජනතාවට මුණ ගැසීමේ අවස්ථාව සළසා දී තිබේ.

මෙම වසර තුළ මහනුවර දිස්ත්‍රික්කයේ තවත් ග්‍රාම නිලධාරී කොට්ඨාශ 70 ක් මුල් කරගෙන නිල සෙවන කාර්යාල ඉදි කෙරේ.

ඒ සදහා ලක්ෂ 130 ක මුදලක් වෙන් කොට තිබේ.

කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා දීමේ අරමුණින් වත්මන් රජය මගින් ක්‍රියාත්මක කරන ප්‍රමුඛතම වැඩසටහනක් ලෙස මෙය හැදින්විය හැකිය.

Exit mobile version