Home දේශීය පුවත් දිවයින පුරා රණවිරු සැමරුම් උත්සව අද

දිවයින පුරා රණවිරු සැමරුම් උත්සව අද

0
දිවයින පුරා රණවිරු සැමරුම් උත්සව අද
30 වසරක් පුරා පැවැති කුරිරු යුද්ධය නිමා කර හෙට (19)ට වසර නවයක් සපිරීම නිමිත්තෙන් පැවැත්වීමට නියමිත ප්‍රධාන රණවිරු සැමරුම් උත්සවයට සමඟාමී ව දිවයින පුරා රණවිරු සැමරුම් උත්සව අද (18) පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කරයි.
ඒ අනුව දිවයින පුරා පිහිටා ඇති ආරක්‍ෂක සේනා මුලස්ථාන, සේනාංක මුලස්ථාන, ඉදිරි නඩත්තු පෙදෙස්, බලසේනාවන්, ඒකකයන්, යුද හමුදා පුහුණු පාසල්, භට කාර්ය සම්පාදන අණසක, රෙජිමේන්තු මධ්‍යස්ථානයන්, ක්‍ෂේත්‍ර මුලස්ථානයන් සහ රණවිරු සුභසාධන මධ්‍යස්ථානයන් හි යුද හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ උපදෙස් පරිදි මෙම සැමරුම් උත්සව ක්‍රියාත්මක කෙරේ.
මෙම රණවිරු සැමරුම් උත්සවය ජාතික ධජය හා යුද හමුදා ධජයන් එසවීම, ජාතික ගීය හා යුද හමුදා ගීතය ගායනා කිරිම, විනාඩි 02 ක නිෂ්ශබ්දතාවය, රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් යුද හමුදාපතිවරයා නිකුත් කරන ලද පණිවිඩය කියවීම, ආයතන ප්‍රධානි විසින් කෙටි දේශණයක් පැවත්විම ආදි කාර්යයන් රැසකින් සමන්විතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version