කොළඹ මීටර් රථගාල්වලින් අය කරන දඩ නැවැත්වීමට තීරණය කරයි

කොළඹ නගර සීමාවේ රථ ගාල්වල සවිකර ඇති මීටර් මඟින් ගාස්තු නොගෙවීමේදී අය කරන දඩ මුදල් නැවැත්වීමට තීරණය කර ඇත.

ඒ අනුව කොළඹ මහ නගර සභාවේ අනුමැතියට යටත්ව මෙම දඩ මුදල් අය කිරීම් අත්හිටුවීමට කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක විසින් නාගරික කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබාදී තිබේ.

අදාළ දඩ මුදල් පිළිබඳ ජනතාවගෙන් ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

Exit mobile version