ඉදිරි දින කිහිපයේදීත් වැසි තත්ත්වයක්

අද (26) නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින්විට හමන තදසුළං බලාපොරොත්තුවන අතර උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින්විට හමන තරමක් තදසුළං අපේක්ෂා කළ හැකි බවයි.

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව ,මධ්‍යම සහ දකුණු පළාත්වල විටින්විට වැසි ඇතිවේ. වයඹ පළාතේ සහ මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇතිවිය හැක.

ඇතැම් ස්ථානවලට විශේෂයෙන්ම දකුණු පළාතේත්, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් තරමක තදවැසි (මි.මි.75-100 කපමණ) ඇතිවිය හැක.

ඌවපළාතේ සහ,මඩකලපුව,අම්පාර සහ වව්නියාව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

Exit mobile version