Home දේශීය පුවත් රණවිරු සැමරුම් උත්සවය අද රණවිරු ස්මාරකය අභියස දී

රණවිරු සැමරුම් උත්සවය අද රණවිරු ස්මාරකය අභියස දී

0
රණවිරු සැමරුම් උත්සවය අද රණවිරු ස්මාරකය අභියස දී
රණවිරු සැමරුම් උත්සවය අද (19) බත්තරමුල්ල පිහිටි රණවිරු ස්මාරකය අභියස දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මෙහිදී එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව සටන්වැඳී තම ජීවිත පූජා කළ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ දිවිපිදු රණවිරුවන්ගේ අමරණීය මතකයන් හා අසමසම කැපවිම ගෞරවයෙන්  සිහිපත් කරමින් එම රණවිරුවන්ගේ සියලුම නම් ඇතුළත්ව බත්තරමුල්ලේ ඉදිකරන ලද මෙම රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකරනු ලබයි.
එමෙන් ම රණබෙර, හේවිසි, පුරප්පට්ටු, මඟුල් බෙර, ගැටබෙර ඇතුළු සම්ප්‍රදායික බෙර යොදාගනිමින් යුද හමුදා තුර්යවාදක කණ්ඩායම සිදුකරන්නා වූ රණ බෙර හඬ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ නිර්භීතභාවය සහ අධිෂ්ඨාන ශක්තිය මැනවින් නිරූපනය කෙරෙනු ඇත.
ඉන් අනතුරුව, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමඟින් අග්‍රාමාත්‍යතුමා, කථානායකවරයා, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති සහ පොලිස්පති විසින් බත්තරමුල්ල පිහිටි රණවිරු ස්මාරකය අභියසදී රට ජාතිය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්හට පුෂ්පෝපහාර පුදකරමින් ගෞරව දක්වන අතර ඔවුන්ගේ මතකයන් යළිත් ආවර්ජනය කරමින් හමුදා සම්ප්‍රදායානුකුලව හිරු නැගෙනා මොහොතෙදීත් හිරු බසිනා මොහොතෙදීත් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් වෙනුවෙන් වැයෙන බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදය ගුවනට මුසුකෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version