පළාත් කිහිපයකට සවස 2.00 න් පසු වැසි

කාලගණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (19) නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, නිරිතදිග මෝසම් තත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතී.

බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සෙසු පලාත්වල විශේෂයෙන් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇති විය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

Exit mobile version