ලන්ඩන් නුවර දී ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට

පිහි ඇණුමකට ලක්ව ලන්ඩන් නුවර මාර්ගයක වැටී සිටි ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මිය ගිය පුද්ගලයා අරුනේෂ් තංගරාජා නමැති 28 හැවිරිදි තරුණයෙකු බවටයි හදුනාගෙන අැත්තේ.

මෙය ඝාතනයක් බව සලකා පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 44 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Exit mobile version