බියගම මාර්ගයේ ස්ථාන කිහිපයකින්ම ජලයෙන් යටවීම හේතුවෙන් කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුවෙන් වාහන පිටකිරීම නවත්වා ඇත.
කඩවත සිට පැමිණෙන වාහන අතුරුගිරිය හුවමාරුවෙන් හා මාතර සිට පැමිණෙන වාහන කොතලාවල අන්තර් හුවමාරුවෙන් පිටවන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි.