බස් ගාස්තු ඉහළ නැංවීම අද සිට – සියයට 12.5කින් බස් ගාස්තු ඉහළට

බස් ගාස්තු ඉහළ නැංවීම අද (23) සිට ක්‍රියාත්මක බව ජාතික ගමනා ගමන කොමිසම් සභාව පවසයි.
ඒ අනුව සියයට 12.5කින් බස් ගාස්තු ඉහළ නංවා ඇති අතර නව සංශෝධනයට අනුව අවම බස් ගාස්තුව රුපියල් 12කි.
මේ අතර ලංකා ගමනා ගමන මණ්ඩලය හා පෞද්ගලික බස් රථ සඳහා ක්‍රියාත්මක වන නව ගාස්තු සංශෝධන ඇතුළත් නිවේදනය ජාතික ගමනා ගමන කොමිසම් සභාව විසින් ඊයේ (22) ප්‍රකාශයට පත් කළේය.
අධිවේගී මාර්ගවල ගාස්තු ද සංශෝධනය වී ඇත.
මහරගම – මාතර රුපියල් 560ක්, කඩුවෙල – මාතර රුපියල් 580ක්, කොළඹ – තංගල්ල රුපියල් 740ක්, කොළඹ – හක්මන රුපියල් 580ක්, කොළඹ – වීරකැටිය රුපියල් 770ක්, කොළඹ – කතරගම රුපියල් 1013ක්, කොළඹ – දෙනියාය රුපියල් 750ක්, කොළඹ – මාතර රුපියල් 600ක්, කොළඹ – අඹිලිපිටිය රුලපියල් 900ක් ලෙස නව ගාස්තු සංශෝධනය වන බවයි ජාතික ගමනා නගම කොමිසම් සභාව සඳහන් කළේය.
මීට අමතරව කඩවත – ගාල්ල රුපියල් 490ක්, කඩවත – මාතර රුපියල් 600ක්, කඩුවෙල – ගාල්ල රුපියල් 470ක් ලෙස නව ගාස්තු සංශෝධනය සිදු කර ඇත.
Exit mobile version