කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ කන්ටේනරයක් පෙරළි ධාවනයට බාධා

කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ කඳාන ප්‍රදේශයේදි කන්ටේනර් රථයක් පෙරළි අනතුරකට ලක් වී අැත.
පොලිසිය සදහන් කළේ, මේ වන විට එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී ඇති බවයි.
ජා ඇල සිට කොළඹ දෙසට ධාවනයවූ කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලී ඇත.
මෙම අනතුරින් කිසිවෙක් තුවාල සිදු වී නොමැති අතර අසළ තිබූ වෙළෙදසැලකට දැඩි හානි සිදුව තිබේ.
මේ වන විට ජා ඇල කොළඹ මාර්ගයේ කඳාන නගරයේ රථවාහන තදබදයක් පවතින අතර එම මාර්ගයේ ගමන් කරන ජනතාව හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලිසිය දැනුම් දීමක් කරනු ලැබේ.
Exit mobile version