ගර්භණී ගුරුවරියන්ට පහසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවස්ථාව ලබාදෙයි

ගර්භනී සමයේ පසුවන ගුරුවරියන්ට සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවස්ථාව ලබාදී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, පාසල් පද්ධතිය තුළ සිටින ගුරුවරියන් එක්ලක්ෂ 72,000න් වාර්ෂිකව ගුරුවරියන් දස දහසකට ආසන්න ප්‍රමාණයක් ප්‍රසූත නිවාඩු ලබා ගන්නා බවයි.

ගර්භණී ගුරුවරියන්ට ඉගැන්වීම් කාර්යයෙහි නිරතවන විට පහසු ඇඳුමක් ලබාදීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් වෛද්‍යවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යවරයා දැනුවත් කර ඇති අතර, ඒ අනුව ලබා දී ඇති නිර්දේශ අනුව, අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පාසල් පද්ධතිය වෙත මෙම සංකල්පය හඳුන්වාදීමට තීරණය කර තිබේ.

Exit mobile version