වැඩිම වර්ෂාපතනය පුත්තලම, මැල්ලව ප්‍රදේශයට – පුත්තලමට සහ රත්නපුරයට මහ වැසි

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බෙංගාල බොක්කේ පවතින කැළඹිලි සහගත තත්ත්වය ඉදිරියේදී අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි.

මේ හේතුව නිසා ඉදිරි දින කිහිපයේදීත් වැසි අපේක්ෂා කළ හැක.

අද උදෑසන 08.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ලැබී ඇත්තේ පුත්තලම – මැල්ලව ප්‍රදේශයට වන අතර එය මිලිමීටර් 122.7ක්.

එමෙන්ම නිවිතිගල ප්‍රදේශයට මිලිමීටර් 92ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

මේ අතර කළු ගඟ පිටාර ගැලීම නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ පහත්බිම් රැසක් ද ජලයෙන් යට වි අැත.

Exit mobile version