නිට්ටඹුව ප්‍රදේශයේදී මවකට සහ පුතෙකුට වෙඩි – මව මරුට

නිට්ටඹුව ප්‍රදේශයේදී අද (24) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් යතුරුපැදියකින් යමින් සිටි කාන්තාවකට සහ ඇයගේ පුත්‍රයා තුවාල ලබා තිබෙන බවට වාර්තා වෙයි.

පොලිසිය ප්‍රකාශ කළේ, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මවගේ තත්වය බරපතළ බවයි.

 වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මව සහ යතුරු පැදිය පැදවු පුතා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත.
රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වයස අවුරුදු 53ක් වු මව මිය ගොස් තිබේ.
වයස අවුරුදු 26 ක් වු ඇයගේ පුතා වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබයි.
වෙඩි තැබූවන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර නිට්ටඹූව පොලීසිය මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.
Exit mobile version