ගිනිගත්හේන – දියගල මාර්ගය තාවකාලිකව වසා දමයි

ගිනිගත්හේන ප්‍රදේශයට තවදුරටත් ඊයේ (24) රාත්‍රීයේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල දියගල මංසන්ධියේ සිට ගිනිගත්හේන නගරය දක්වා අද (25) උදෑසන සිට හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දැමු බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සරත් සමරවික්‍රම මහතා පැවසිය.

හැටන් සිට කොළඹ දක්වාත් කොළඹ සිට හැටන් දක්වාත් ගමන් ගන්නා සියළුම වාහන ගිනිගත්හේන, කළුගල, නොර්ටන්බ්‍රිජ් හරහා ධාවනය කරවන ලෙස ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

හැටන් සිට මහනුවර දක්වා ගමන් ගන්නා වාහන හැටන්, කොටගල දිඹුලපතන, නාවලපිටිය හරහා ධාවනය කරවන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයා ඉල්ලා සිටියි.

Exit mobile version