වර්ෂාවෙන් ගාල්ලේ පවුල් 491 ක් අවතැන් – අයෙක් මරුට

දින කීපයක් තිස්සේ නොකඩවා ඇදහැලෙන ධාරානිපාත මහ වැස්ස නිසා අද (25) වන විට ගාල්ල දිසාවේ එක් පුද්ගලයකු මිය ගොස් පවුල් 491 කට අයත් පුද්ගලයින් 1816 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

ගංවතුර හේතුවෙන් ගාල්ල දිසාවේ නිවාස අටක් පූර්ණ වශයෙන් හානියට පත්ව ඇත.

තවත් නිවාස 155 ක් අර්ධ වශයෙන් හානියට පත්වී ඇත.

Exit mobile version