ඇලයිනා බී ටෙප්ලිට්ස් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරයට නම් කරයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇලයිනා බී ටෙප්ලිට්ස් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරයට නම් කර තිබේ.

ඇය ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරිය ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරන ලද නාමයෝජනාව ධවල මන්දිරය විසින් අමෙරිකානු සෙනෙට් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බව සඳහන් වෙයි.

එම අනුමැතිය හිමිවිමෙන් පසු වර්තමාන ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂප් වෙනුවට ඇලයිනා ටෙප්ලිට්ස් පත් වනු ඇත.

තානාපති සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන ඇලයිනා ටෙප්ලිට්ස් මේ වන විට නේපාලයේ අමෙරිකානු තානාපතිවරිය ලෙස කටයුතු කරයි.

Exit mobile version