සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීමට අගමැති අද උතුරේ සංචාරයක

උතුරු පළාතේ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) කිළිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්කවල සංචාරයක නිරත වේ.

වත්මන් රජය බලයට පත්වීමත් සමග උතුරු පළාත කේන්ද්‍ර කරගෙන නැවත පදිංචි කිරීම්, නිවාස ඉදිකිරීම්, ඉඩම් මුදා හැරීම්, රැකියා හා යටිතල පහසුකම් සැපයීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබෙන අතර අගමැතිගේ මෙම සංචාරයේ දී එම ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙන්ම අඩුපාඩු ද සමාලෝචනයට භාජනය කෙරෙණු ඇත.

මෙම සංචාරයේදී අගමැතිගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චියේදී සහ යාපනයේදී සමාලෝචන රැස්වීම් දෙකක් පැවැත්වෙයි.

Exit mobile version