ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (01) පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
එ් කැළණි දකුණු ඉවුර ජල සම්පාදන ක්‍රමයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙනි.
ඒ අනුව, හෙට රාත්‍රී 07.00 සිට ලබන සෙනසුරාදා පෙරවරු 07.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.
පෑලියගොඩ, ජා-ඇල, වත්තල සහ සීදුව යන නගර සභා බලප්‍රදේශවලට සහ කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල සහ ගම්පහ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.