ගම්පහ හා කැලණිය ප්‍රදේශ කිහිපයකට අද ජල සැපයුම අත්හිටුවයි

ගම්පහ හා කැලණිය ප්‍රදේශ කිහිපයකට අද (01) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනිි.

අද රාත්‍රී 7.00 සිට ‌හෙට (02) උදෑසන 7.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.

 

පෑලියගොඩ, ජා-ඇල, වත්තල සහ සීදුව යන නගර සභා බලප්‍රදේශවලට සහ කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල සහ ගම්පහ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.

Exit mobile version