තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන ‘දූරියන්’

අනාගත අභ්‍යවකාශ ගමන් සඳහා තායිලන්ත ආහාර යෝග්‍ය බව පෙන්වීමේ ව්‍යාපෘතියක කොටසක් ලෙස තායිලන්ත අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, එළඹෙන ජූලි මස දූරියන් ගෙඩි අභ්‍යවකාශයට යැවීමට සැලසුම් කර තිබ‌ෙ‌න බව විද‌ෙස් මාධ්‍ය වාර්තා කරයි.

පදමට පුළුස්සන ලද දූරියන් අභ්‍යවකාශයට යවා මිනිත්තු පහක් එහි රඳවා තැබීමෙන් පසු නැවත පොළොවට ගෙන ඒමට නියමිතය. එසේ රැගෙන ආ දූරියන් යම් වෙනසසකට ලක්වී ඇත්දැයි විද්‍යාඥයන්ගේ පරීක්ෂාවට ලක්වනු ඇත.

අග්නිදිග ආසියාවේ පලතුරක් වන දූරියන් වඩා ප්‍රකට එයින් නිකුත් වන දැඩි ගන්ධය හේතුවෙනි.

Exit mobile version