පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නව පළාත් පාලන නියෝජිතයින් සදහා ධාරිතා සංවර්ධන වැඩසටහනක් ඊයේ (01) පොළොන්නරුවේදී පැවැත්වුණු අතර ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද එහිදී නව පළාත් පාලන නියෝජිතයින් අමතමින් විශේෂ දේශනයක් සිදුකරනු ලැබීය.
මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික් පළාත් පාලන ආයතනවල ප්‍රවාහන අවශ්‍යතාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින්, පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ත්‍රීරෝධ රථ ප්‍රදානයක් ද මින් අනතුරුව ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.