ග්වාතමාලාවේ පියුගෝ ගිනිකන්ද විදාරණය වෙයි – 25ක් මරුට

ග්වාතමාලාවේ පියුගෝ ගිනිකන්ද විදාරණය වීමෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 25 දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් පුද්ගලයින් 300 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගිනිකන්දෙන් පිටවන ලාවා අවට ගම්මාන වෙත ගලා ඒමෙන් නිවාස විශාල ප්‍රමාණයක්ද විනාශ වී ඇති බව සඳහන් ‌වෙයි.

එසේම ගිනි කන්දෙන් පිටවන අළු සහ දුමාරය හේතුවෙන් එරට ලාඅවුරෝරා ජාත්‍යන්තර ගුවන් තොටුපල මේ වනවිට වසා දමා අැත.

ග්වාතමාලා ජනාධිපති ජිමී මොරාලෙස් පියවර ‌‌ගෙන ඇත්‌තේ රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටයි.

Exit mobile version