e-channeling සේවාව රජයේ රෝහල් සඳහා ද හඳුන්වා දීමට පියවර

ප්‍රතිකාර සඳහා කලින් වේලාවක් වෙන්කරවා ගැනීමේ ඉ-චැනලින් සේවාව (e-channeling) රජයේ රෝහල් සඳහා ද හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

දොම්පේ  දිසා රෝහල සඳහා මෙය ප්‍රථම වරට හඳුන්වා දීම සිදුවූ අතර, අදියර කිහිපයක් ඔස්සේ දිවයිනේ සියලුම රජයේ රෝහල්වල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ක්‍රියාත්මක ඩිජිටල් සෞඛ්‍යය ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාත්මක වෙයි.

Exit mobile version