ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර් 05 නිකුත් කෙරේ

පසුගිය දා පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර් 05 වන දින නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව මගින් සියලු කටයුතු සුදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පාසල් මට්ටමින් පැවැත්වෙන තරඟ විභාගවල ප්‍රතිඵල ප්‍රමාද වීම නිසා සිසු දරුවන් මුහුණපාන ගැටලු දෙස අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වසරේ නිශ්චිත කාලසටහනකට අනුව ප්‍රධාන විභාගවලට අදාළ ප්‍රතිඵල වසරේ නිශ්චිත දිනකද නිකුත් කිරීමට විභාග කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කෙරිණි.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත්වූ වහාම හැකි ඉක්මනින් උසස් පෙළ පන්ති ආරම්භ කිරීමටත් උසස් පෙළ ප්‍රතිඵල හැකි ඉක්මනින් නිකුත්කොට විශ්ව විද්‍යාල ප්‍රවේශය කඩිනම් කිරීම සදහාත් අවශ්‍ය කටයුතු සුදානම් කර ඇත. මේ අනුව අපොස උ.පෙ විභාගයේ ප්‍රතිඵල දෙසැම්බර් 27 වනදාත් , අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්තු 28 වනදාත් නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

Exit mobile version