ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ සිනමා, ටෙලිනාට්‍ය ඇතුළු අනෙකුත් කලා ක්ෂේත්‍ර නියෝජනය කරන සංගම්වල නියෝජිතයින් ඇතුළු කලාකරුවන් අතර හමුවක් ඊයේ (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
අමාත්‍යවරුන් වන මංගල සමරවීර, විජයදාස රාජපක්ෂ, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, උසස් අධ්‍යාපන සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි යන මහත්වරුන් ඇතුථ නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් රැසක් මීට එක්ව සිටියහ.