පළමු වරට කෝප් කමිටුව අද රැස්ව‌ෙ‌යි

අට වෙනි පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය විවෘත වීමෙන් අනතුරුව අද (07) දිනයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව පළමුවරට රැස්වීමට නියමිතව තිබේ.

අට වෙනි පාර්ලිමේන්තුවේ දෙවන සභා වාරය පසුගිය මැයි 08 වනදින ආරම්භ කෙරුණු අතර එහිදී පෙර පැවති කෝප් කමිටුවම යළි පත් කීරීමට යෝජනා කෙරිණි.

ඒ අනුව මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගෙන් සමන්විත කෝප් කමිටුව අද පස්වරුවේ පළමු වරට රැස්වීමට නියමිතය.

මේ අතර අද නව සභාපතිවරුන් පත් කර ගැනීමට ද නියමිතව තිබේ.

Exit mobile version