රුහුණ විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දැ‌මේ

රුහුණ විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලන අධිකාරීය ඊයේ (07) තීරණය කර ඇත.

ඒ වෛරස් උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් බව රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගාමිණි සේනානායක සඳහන් කළේය.

පසුගිය දින කිහිපයේ සිසු සිසුවියන් විශාල පිරිසක් උණ වැලදී අසනීප වීම හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත එම තීරණය ගෙන ඇත.

 

Exit mobile version