“පිවිතුරු පුරවර” පළමු වැඩසටහන අද මීගමුව වෙරළ උද්‍යානයේදී

නගරාශ්‍රීත සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ මෙහෙයවීමේන් “පිවිතුරු පුරවර” වැඩසටහනට අනුව ඉදිකිරීමට යෝජිත මීගමුව අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය අද (08) දින පෙරවරු 10.00ට මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්වේ.

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ්හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකාවේ සහ මාල දිවයිනේ ප්‍රංශ තනාපති ජෝන් මරන් ෂු, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ තනාපති තුන්-ලයි මාර්ග්, මීගමුව මහ නගර සභාවේ නගරාධිපති දයාන් ලන්සා සහ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඩී.ජී.එම්.වී හපුආරච්චි යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයිගේද සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා රජයේ හා යුරෝපා සංගමයේ අධාර එක්ව ප්‍රංශ සංවර්ධන ආයතනයේ ණය ආධාර ඇතුලත්ව රුපියල් බිලියන විස්සක් මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇත.

Exit mobile version