විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක කරන බවට අද ලිඛිත පොරොන්දුවක් නොදුනහොත් හෙට නොරොච්චොලේ විදුලි බලාගාරය වසා දමනවා

අඩු වියදම් විසි අවුරුදු විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක කරන බවට අද (11දා) දිනය තුළ ලිඛිත පොරොන්දුවක් නොදුනහොත් හෙට (12දා) සවස 4.00ට නොරොච්චොලේ විදුලි බලාගාරය වසා දමා ඉංජිනේරුවන් සේවයෙන් ඉවත්වන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

අඩු වියදම් විසි අවුරුදු විදුලි ජනන සැලැස්ම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පසුගිය 08 වැනිදා සිට අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ගයක් දියත් කර තිබෙන බව එම සංගමයේ කමිටු සාමාජික ඉංජිනේරු අතුල වන්නිආරච්චි මහතා සඳහන් කළේය.

විසි අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන බවට අද (11දා) ලිඛිතව ලබාදීමට කටයුතු කළ හොත් සියලු වෘත්තීය ක්‍රියාමාර්ග නවතා දමන බවද ඉංජිනේරු ඒ මහතා සඳහන් කළේය.

Exit mobile version