මහනුවර දිස්ත්‍රික්කය තුළ අධික වැසි සහ සුළං සහිත කාලගුණ‌යෙන් 551ක් පීඩාවට

මහනුවර දිස්ත්‍රික්කය තුළ පසුගිය දින දෙකක කාලය සිට ඇති වූ අධික වැසි සහ සුළං සහිත කාලගුණ තත්වය හේතුවෙන් අද (11) වන විට  දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්  කොට්ඨාස පහක පවුල් 116 කට අයත් පුද්ගලයින් 551 දෙනෙකු පීඩාවට පත්ව ඇත.

තවද නිවාස 50 කට හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පැවසීය.

තවදුරටත් ඒ මහතා සඳහන් කළේ, සුරක්ෂිත ස්ථාන නවයක පවුල් 80 කට අයත් පුද්ගලයින් 378 දෙනෙකු රැඳී සිටින බවයි.

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති සියලු දෙනාට අවශ්‍ය සියලු  සහනයන් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කරන බවද ඒ මහතා සඳහන් කළේ ය.

Exit mobile version