ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ – ගයන්ත කරුණාතිලක මහතා

කර්මාන්ත ශාලා මගින් සිදුවන පරිසර දූෂණය, නාගරික කැළි කසළ සම්බන්ධ ගැටලු, අනවසර ඉදි කරීම් නිසා ඇතිවන ගැටලු වලට සාර්ථකව මුහුණ දීම සඳහා අදාළ නීති සකස් කරීම පිණිස ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කොට ඇත.
මේ පිළිබඳව නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා මහවැලි සංවර්ධන හා පාරිසරික ඇමති වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක ඇමති ගයන්ත කරුණාතිලක මහතා කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද (13) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
පරිසරය සම්බන්ධයෙන් වර්තමානයේ උද්ගත වී ඇති ගැටලු සඳහා විසඳුම් සෙවීමට හැකි වන පරිදි ජාතික පාරිසරික පනත සංශෝධනය කළ යුතු බවද ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කොට තිබූ යෝජනාවේ සඳහන් වේ
Exit mobile version