ජනපති අතින් පුලිච්චාකුලම ජල පිරිපහදු යන්ත්‍රාගාරය ජනතා අයිතියට

හදුනානොගත් නිදන්ගත වකුගඩු රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ පුලිච්චාකුලම ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රාගාරය ඊයේ (13) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.
ඒ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතිනි.
අමාත්‍ය රාවුෆ් හකීම්, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක සමග පළාතේ දේශපාලන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
Exit mobile version