79 වන උදා ගම්මානය අද ජනතා අයිතියට

නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 79 වන උදා ගම්මානය වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිරිබෝපුර “සඳමුතුගම” ජනතා අයිතියට පැවරේ.
ඒ අද (14) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙහි මුළු නිවාස ගණන 71කි.
නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිලාභීන් වෙත අඩුපොළී නිවාස ණය ලබාදී තිබෙන අතර මෙය ද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදි වූ උදා ගම්මානයකි.
“සඳමුතුගම” ගම්මානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 5කි. සෑම නිවසකටම පර්චස් 10 බැගින් ලබාදී තිබේ.
ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විධිමත් ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විතය.
ගම්මානය සඳහා ආයෝජනය කර ඇති මුදල් රුපියල් ලක්ෂ 435කි.
Exit mobile version