නාගවිල් ගම්මානයේ නිවාස ඉදිකිරීම් වෙනුවෙන් මුදල් ප්‍රදානය කෙරේ

ආණමඩුවේ ඉදිවන 16 වන උදා ගම්මානය වන නාගවිල් ගම්මානයේ නිවාස ඉදිකිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

එහි ඉදිකිරීමට යෝජිත නිවාස ගණන 25 කි. මූලික ඉදිකිරීම් වෙනුවෙන් එක් පවුලක් වෙත ලබා දෙන මුදල රුපියල් ලක්‍ෂ 5 කි. එම මුදල් ප‍්‍රදානය කිරීම පසුගියදා (15) ආණමඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණ.

එහිදි මූලික ඉදිකිරීම් වෙනුවෙන් අදාළ නිවාස හිමියන් වෙත චෙක්පත් ප‍්‍රදානය කිරීම සිදු විය. අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම ප‍්‍රදානයන් සිදු කෙරුණු අතර, එම අවස්ථාවට ආණමඩුව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ආනන්ද සරත් කුමාර මහතාද සහභාගී විය.

Exit mobile version