රජය යුක්තිය පසිඳලීම කාර්යක්ෂමව සිදු කිරීමට පියවර රැසක් ගෙන තිබේ

අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නිතීඥ තලතා අතුකෝරල මහත්මිය පවසුවේ යුක්තිය පසිඳලීම කාර්යක්ෂමව සිදු කිරීම, අධිකරණ කටයුතුවලදී ඇති නඩු ප‍්‍රමාදයට විසදුම් ලබාදීම, ස්ති‍්‍ර පුරුෂ සමානාත්මතාවය ඇති කිරීම සදහා වත්මන් රජය පියවර රැසක් ගෙන තිබෙන බවයි.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ, ශී‍්‍ර ලංකාවේ ස්වීට්සර්ලන්ත තානාපති හීන්ස් වෝකර් නෙදර්කොම් මහතා හා සන්නද්ධ ශක්තිය පාලනය කිරීම පිළිබඳව ජිනීවාහි අන්තර්ජාතික ආරක්ෂක අංශයේ උපදේශාත්මක කණ්ඩායම සමඟ අධිකරණ අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය.

 

Exit mobile version