ගිනි අවි තුනක් ලග තබාගෙන සිටි සැකකරුවකු අත්අඩංගුවට

නීති විරෝධීව මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවි තුනක් ලග තබාගෙන සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මොණරාගල මැදගම, රුවල්වෙල ප්‍රදේශයේ දී මැදගම පොලීසිය විසින් සිදු කළ වැටලීමකදී යි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51 පුද්ගලයකු බව පොලීසිය පවසයි.

මැදගම පොලීසිය සඳහන් කළේ, සැකකරු කුමන හේතුවක් මත මෙම ගිනි අවි ලග තබාගෙන සිටියේ ද යන්න මේ වන තෙක් කිසිදු තොරතුරක් වාර්තා නොවී ඇති අතර ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට අද (18) ඉදිරිපත් කිරීමට නියමිත අතර මැදගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version