එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල‌යේ සාමාජිකත්වයෙන් අමෙරිකාව ඉවත් ව‌ෙයි

රටවල් 47 කින් සමන්විත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල‌යේ සාමාජිකත්වයෙන් අමෙරිකාව ඉවත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකාව මෙම තීරණය ගෙන ඇත්ත‌ේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල‌ය පක්ෂග‍්‍රාහී ලෙස කටයුතු කරන බැවින් බව වාර්තා ව‌ෙයි.
ඊශ‍්‍රායලය සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය ගන්නා ක‍්‍රියාමාර්ග පිළිබඳ සෑහිමකට පත්විය නොහැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධාන අමෙරිකා නියොජිත නිකී හේලි සඳහන් කර තිබේ.
ඒ අනුව දීර්ඝ කාලයක සිට කරුණු අධ්‍යනය කිරිමෙන් මෙම තීරණයට එළඹ ඇති බව සදහන් ය.
Exit mobile version